ශ්‍රම වෙළඳපොලේ සිටින විදේශිකයින්ට ඔවුන්ගේ තත්ත්වය නීතිගත කිරීමට ඉඩ සලසමින් රුමේනියානු රජය විසින් අංක 32/2026 දරණ හදිසි ආඥා පනත සම්මත කර ගැනීම පිළිබඳව රුමේනියාවේ ආගමන විගමන කාර්යාලය (IGI) නිවේදනය කර ඇත.
රැකියා සඳහා දිගුකාලීන වීසා බලපත්‍ර හෝ රටට ඇතුල් වීමේ වීසා මගින් ස්ථාපිත කර ඇති පදිංචිය සඳහා ඇති අයිතිය කල් ඉකුත් වීමෙන් පසුව රුමේනියාවේ භූමියේ රැඳී සිටින සහ රුමේනියාවෙන් නැවත පිටත් කර හැරීමේ නියෝගයක් ලබා නොමැති විදේශීය ජාතිකයින්ගේ නීතිමය තත්ත්වය විධිමත් කිරීමට නව නීතිමය විධිවිධාන ඉඩ සලසයි.
මේ අනුව, අදාළ පුද්ගලයන් ඔවුන්ගේ පදිංචිය සඳහා ඇති අයිතිය විධිමත් කිරීම සඳහා 2026 අප්‍රේල් 27 සිට උපරිම වශයෙන් දින 60ක් ඇතුළත ආගමන විගමන කාර්යාලයේ අදාළ ශාඛාවේ පෙනී සිට ඔවුන් සැබවින්ම ජීවත් වන ලිපිනය ප්‍රකාශ කල යුතුය.
ඉන් අනතුරුව, 2026 දෙසැම්බර් 31 වන දිනට පෙර, රැකියා සඳහා නව දිගුකාලීන වීසා බලපත්‍රයක් ලබා ගැනීමේ අවශ්‍යතාවයකින් තොරව, රැකියා අරමුණු සඳහා තාවකාලික පදිංචිය සඳහා වන අයිතිය දීර්ඝ කිරීම සඳහා අංක 194/2002 දරන රජයේ හදිසි ආඥා පනතේ 56 වන වගන්තියේ (10) සහ (11) ඡේද හා ඊට කර ඇති සශෝධන වල ප්‍රතිපාදනයන්ට යටත්ව ඔවුන්ට ඉල්ලා සිටිය හැකිය.
ආගමන විගමන කාර්යාලයේ ප්‍රධාන අරමුණ වන්නේ විදේශීය ජාතිකයින්ට ඔවුන්ගේ පදිංචිය සඳහා ඇති අයිතිය විධිමත් කිරීම සඳහා සහාය වීමයි. ඔවුන් තම නීතිමය තත්ත්වය විධිමත් කිරීමට ඉදිරිපත් වන්නේ නම්, සුළු වැරදි සඳහා දඩ මුදල් හෝ ඔවුන්ගේ උපන් රටට ආපසු යාමේ පියවරයන්ට යටත් නොවනු ඇත, එහි අරමුණ වන්නේ ඔවුන්ගේ තත්ත්වය විධිමත් කිරීමට ඉඩ දීමයි.
වත්මන් නීති මගින් පිරිනමනු ලබන සියලුම පහසුකම් වලින් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ආගමන විගමන කාර්යාලයේ අදාළ ශාඛා සම්බන්ධ කර ගන්නා මෙන් මෙවැනි තත්ත්වයකට මුහුණ පා ඇති විදේශිකයන් දිරිමත් කරන රුමේනියාවේ ආගමන විගමන කාර්යාලය, නිල තොරතුරු මාර්ගවලින් පමණක් උපදෙස් ලබා ගන්නා මෙන් ඔවුන්ගෙන් ඉල්ලා සිටී.
මුලාශ්‍රය : රුමේනියානු ජාත්‍යන්තර ගුවන් විදුලිය (https://www.rri.ro/en/news-and-current-affairs/newsflash/legalization-of-foreign-nationals-on-the-labor-market-id1015045.html)
