ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ තානාපති කාර්යාලය, රුමේනියාව
இலங்கை ஜனநாயக சோசலிசக் குடியரசின் தூதரகம், ருமேனியா
Embassy of the Democratic Socialist Republic of Sri Lanka, Romania

Application for Driving Licences
Application for Renewal or a Duplicate Driving Licence
රියදුරු බලපත්‍ර නිකුත් කිරීම
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට රියදුරු බලපත්‍ර නිකුත් කිරීම
රුමේනියාවේ පදිංචි ශ්‍රී ලාංකික පුරවැසියෙකුට ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයේ අලුත් කිරීම/ අනුපිටපත් කිරීම/ පුද්ගලික තොරතුරු වෙනස් කිරීම සඳහා ඉල්ලුම් කළ හැකිය.
ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රය අලුත් කිරීම
සාමාන්‍ය ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍ර නිකුත් කළ දින සිට වසර 10 ක් සඳහා වලංගු වේ. කල් ඉකුත් වීමට පෙර ඒවා අලුත් කළ යුතු අතර අවලංගු වූ රියදුරු බලපත්‍රයක් අලුත් කරන්නේ නම් ප්‍රමාද වූ සෑම වසරක් සඳහාම අධිභාරයක් ගෙවිය යුතුය.
රියදුරු බලපත්‍ර අයදුම්පත් භාර දීම සඳහා කරුණාකර මෙම සබැඳියෙන් වෙලාවක් වෙන් කරවා ගන්න.
අවශ්‍ය ලියකියවිලි
1. නිසි ලෙස පුරවන ලද MTA 30/2 අයදුම්පත (අයදුම්පත මෙතැනින් බාගත හැකිය. කෙසේ වෙතත්, බාගත කළ ආකෘති පත්‍ර ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් භාර නොගන්නා බැවින් මෙය නිසි මුද්‍රිත අයදුම්පත් පිරවීමට අවබෝධයක් ලබා ගැනීමට ආදර්ශයක් ලෙස පමණක් භාවිතා කළ යුතුය. අයදුම්කරුවන් තානාපති කාර්යාලයෙන් නිසි මුද්‍රිත අයදුම්පතක් ලබා ගත යුතු අතර එය කළු තීන්තෙන් පමණක් පිරවිය යුතුය).
2. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද වත්මන් රියදුරු බලපත්‍රය එහි ඡායාපිටපතක් සමඟ (වත්මන් රියදුරු බලපත්‍රය පරීක්ෂා කිරීමෙන් පසු නැවත ඔබට භාරදෙනු ලැබේ).
3. අයදුම්කරු වාහන පැදවීමට සුදුසු බවට සහතික කිරීම සඳහා රුමේනියාවේ වෛද්‍යවරයෙකුගෙන් වෛද්‍ය සහතිකයක් (ආකෘතිය බාගත කිරීමට මෙතැන ක්ලික් කරන්න). මෙම වෛද්‍ය සහතිකය අනිවාර්ය වන අතර එය නොමැතිව අයදුම්පත් භාරගනු නොලැබේ.
4. වලංගු විදේශ ගමන් බලපත්‍රය හා එහි දත්ත පිටුවේ ඡායාපිටපතක්
5. රුමේනියාව සඳහා වලංගු වාස වීසාව (TRC) හා එහි ඡායාපිටපතක්
6. ජාතික හැඳුනුම්පත හා එහි ඡායාපිටපතක් (ජාතික හැඳුනුම්පතේ අංකය විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් කර ඇත්නම් එය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ).
7. කළු සහ සුදු විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප දෙකක්. (මි.මී. 35 X මි.මී. 45). වර්ණ ඡායාරූප පිළිගනු නොලබන බව කරුණාවෙන් සලකන්න.
8. අයදුම්පත් ගාස්තුව ලෙස RON 630/=
නැතිවූ ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක හෝ විකෘති වූ නැත්නම් බොඳ වූ රියදුරු බලපත්‍රයක අනුපිටපතක් ලබා ගැනීම
අවශ්‍ය ලියකියවිලි
1. නිසි ලෙස පුරවන ලද MTA 30/2 අයදුම්පත (අයදුම්පත මෙතැනින් බාගත හැකිය. කෙසේ වෙතත්, බාගත කළ ආකෘති පත්‍ර ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් භාර නොගන්නා බැවින් මෙය නිසි මුද්‍රිත අයදුම්පත් පිරවීමට අවබෝධයක් ලබා ගැනීමට ආදර්ශයක් ලෙස පමණක් භාවිතා කළ යුතුය. අයදුම්කරුවන් තානාපති කාර්යාලයෙන් නිසි මුද්‍රිත අයදුම්පතක් ලබා ගත යුතු අතර එය කළු තීන්තෙන් පමණක් පිරවිය යුතුය).
2. රියදුරු බලපත්‍රයක් නැතිවීම සම්බන්ධයෙන් අයදුම්කරු පදිංචි ස්ථානයේ ප්‍රාදේශීය පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ල (එහි ඉංග්‍රීසි පරිවර්තනය සමඟ) හෝ විකෘති වූ හෝ බොඳ වූ රියදුරු බලපත්‍රය එහි ඡායාපිටපතක් සමග.
3. අයදුම්කරු වාහන පැදවීමට සුදුසු බව සහතික කිරීම සඳහා රුමේනියාවේ වෛද්‍යවරයෙකුගෙන් ලබාගත් වෛද්‍ය සහතිකය (ආකෘතිය බාගත කිරීමට මෙතැන ක්ලික් කරන්න).මෙම වෛද්‍ය සහතිකය අනිවාර්ය වන අතර එය නොමැතිව අයදුම්පත් භාරගනු නොලැබේ.
4. වලංගු විදේශ ගමන් බලපත්‍රය හා එහි දත්ත පිටුවේ ඡායාපිටපතක්
5. රුමේනියාව සඳහා වලංගු වාස වීසා බලපත්‍රය හා එහි ඡායාපිටපතක්
6. ජාතික හැඳුනුම්පත හා එහි ඡායාපිටපතක් (ජාතික හැඳුනුම්පතේ අංකය විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් කර ඇත්නම් එය ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවේ. කෙසේ වෙතත්, පරිගණක පද්ධතියේ විස්තර සොයා ගැනීම සඳහා නැතිවූ රියදුරු බලපත්‍ර අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය සඳහන් කිරීම අනිවාර්ය වේ).
7. කළු සහ සුදු විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප දෙකක්. (මි.මී. 35 X මි.මී. 45). වර්ණ ඡායාරූප පිළිගනු නොලබන බව කරුණාවෙන් සලකන්න.
8. අයදුම්පත් ගාස්තුව ලෙස RON 630/= .
ශ්‍රී ලාංකික රියදුරු බලපත්‍රයේ පුද්ගලික තොරතුරු වෙනස් කිරීම
අවශ්‍ය ලියකියවිලි
1. නිසි ලෙස පුරවන ලද MTA 30/2 අයදුම්පත (අයදුම්පත මෙතැනින් බාගත හැකිය. කෙසේ වෙතත්, බාගත කළ ආකෘති පත්‍ර ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් භාර නොගන්නා බැවින් මෙය නිසි මුද්‍රිත අයදුම්පත් පිරවීමට අවබෝධයක් ලබා ගැනීමට ආදර්ශයක් ලෙස පමණක් භාවිතා කළ යුතුය. අයදුම්කරුවන් තානාපති කාර්යාලයෙන් නිසි මුද්‍රිත අයදුම්පතක් ලබා ගත යුතු අතර එය කළු තීන්තෙන් පමණක් පිරවිය යුතුය).
2. වත්මන් රියදුරු බලපත්‍රය එහි ඡායාපිටපතක් සමඟ.
3. වලංගු විදේශ ගමන් බලපත්‍රය එහි දත්ත පිටුවේ ඡායාපිටපතක් සමඟ
4. රුමේනියාව සඳහා වලංගු වාස වීසාව එහි ඡායාපිටපතක් සමඟ
5. ජාතික හැඳුනුම්පත එහි ඡායාපිටපතක් සමඟ (ජාතික හැඳුනුම්පත් අංකය විදේශ ගමන් බලපත්‍රයේ සඳහන් කර ඇත්නම් එය අනිවාර්ය නොවේ).
6. කළ යුතු වෙනසට අදාළ සාක්ෂි වන ලිපිලේඛන ; එනම් නම වෙනස් කිරීම සඳහා උප්පැන්න සහතිකය, විවාහ සහතිකය, දික්කසාද සහතිකය යනාදිය.
7. කළු සහ සුදු විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණයේ ඡායාරූප දෙකක්. (35mm X 45mm). වර්ණ ඡායාරූප පිළිගනු නොලබන බව කරුණාවෙන් සලකන්න.
8. අයදුම්පත් ගාස්තුව ලෙස RON 630/= .
මෙම තොරතුරු වලට අමතරව රියදුරු බලපත්‍ර සඳහා අයදුම් කිරීම සම්බන්ධයෙන් ඔබට තවත් පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, කරුණාකර consular.bucharest@mfa.gov.lk විද්‍යුත් ලිපිනය හරහා විමසීමක් කරන්න.
ඔබගේ අලුතින් නිකුත් කරන ලද රියදුරු බලපත්‍ර තානාපති කාර්යාලයෙන් ලබා ගැනීම
ඔබ බුකාරෙස්ට් (Bucharest) නගරයේ සිට දුර බැහැර ප්‍රදේශයක පදිංචිව සිටින්නේ නම්, රුමේනියානු තැපැල් සේවයේ "PrioriPost" නම් පෙර ගෙවුම් සහිත කඩිනම් සේවාව (prepaid express service) මගින් නව රියදුරු බලපත්‍රය තැපැල් මගින් ලබා ගත හැකිය. ඒ සඳහා, අයදුම්පත භාර දෙන අවස්ථාවේදී, ඕනෑම තැපැල් කාර්යාලයකින් මිලදී ගත හැකි C5 ප්‍රමාණයේ, තමන්ගේම ලිපිනය සඳහන් කළ PrioriPost ලියුම් කවරයක් (වර්තමාන මිල RON 20.34 කි) අයදුම්කරුවන් විසින් ඉදිරිපත් කළ යුතුය. කෙසේ වෙතත්, එය අතරමගදී අස්ථානගත වීමක් හෝ නැතිවීමක් සිදුවුවහොත් ඒ සම්බන්ධයෙන් තානාපති කාර්යාලය වගකියනු නොලැබේ.